පාස්කු නාට්‍ය සම්ප්‍රදාය
කිතුනු ජනතාවට ජේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරු බවත් එතුමා විමුක්තියට මාර්ගය පෙන්වන්නා බවත් ඒත්තු ගැන්වීම අරමුණු කොටගෙන ගොඩනැගුණු ජන නාට්‍ය විශේෂය ලෙස පාස්කු නාට්‍ය හඳුනාගත හැක.යාපනය මඩකලපුව, හලාවත, මන්නාරම දූව, පමුණු ගම, පිටිපන ආදී ක්‍රිස්තියානි ජනතාව ජීවත් වන ප්‍රදේශ වල මෙම ජන නාට්‍ය සම්ප්‍රදාය ව්‍යාප්ත වී පවතී. පැරණිතම පාස්කු නාට්‍ය මන්නාරමේ පේසාලෙයි ගමේ වසර තුන් හාර සීයකට පමණ පෙරාතුව පවත්වා ඇත. එලෙස විකාශනය වූ පාස්කු නාට්‍ය මෑතක් වනතුරුම රඟදක්වනු ර තුරුම රඟ දක්වනු ලැබීය පාස්කු නාට්‍ය අන්තර්ගතය පහත කරුණු ඔස්සේ අපට හඳුනා ගත හැක. ✱. ජේසුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය . ✱. ගෙත් සමනි උයනට ගොස් ලොවුතුරා දෙව් පියාට දැඩි චිත්ත සන්තාපයෙන් කළ යෙදුම. ✱. ජුදාස් නැමැති ශ්‍රාවකයා විසින් පාවා දීම . ✱. සිර බන්ධනයට නියම වීම. ✱. යුදා රෝමානු පාලකයන් ඉදිරිපිට විනිශ්චය කරනු ලැබීම හා මරණ තීන්දුව ලැබීම. ✱. සෙබළුන් අතින් කෲර වධ හිංසනයට ලක්වීම. ✱. කුරුසිය කරගසාගෙන දණ්ඩ ස්ථානයට පාත්‍රවීම. ✱. කුරුසියට ත...