පාස්කු නාට්‍ය සම්ප්‍රදාය


               කිතුනු ජනතාවට ජේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරු බවත් එතුමා  විමුක්තියට මාර්ගය පෙන්වන්නා බවත් ඒත්තු ගැන්වීම අරමුණු කොටගෙන ගොඩනැගුණු ජන නාට්‍ය විශේෂය ලෙස පාස්කු නාට්‍ය හඳුනාගත හැක.යාපනය මඩකලපුව, හලාවත, මන්නාරම දූව, පමුණු ගම, පිටිපන ආදී ක්‍රිස්තියානි ජනතාව ජීවත් වන ප්‍රදේශ වල මෙම ජන නාට්‍ය සම්ප්‍රදාය ව්‍යාප්ත වී පවතී. පැරණිතම පාස්කු නාට්‍ය මන්නාරමේ පේසාලෙයි ගමේ වසර තුන් හාර සීයකට පමණ පෙරාතුව පවත්වා ඇත. එලෙස විකාශනය වූ පාස්කු නාට්‍ය මෑතක් වනතුරුම රඟදක්වනු ර තුරුම රඟ දක්වනු ලැබීය පාස්කු නාට්‍ය අන්තර්ගතය පහත කරුණු ඔස්සේ අපට හඳුනා ගත හැක. 
✱. ජේසුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය .
✱.    ගෙත්  සමනි උයනට ගොස් ලොවුතුරා දෙව් පියාට දැඩි චිත්ත සන්තාපයෙන් කළ යෙදුම.
✱.  ජුදාස් නැමැති ශ්‍රාවකයා විසින් පාවා දීම .
✱.  සිර බන්ධනයට නියම වීම.
✱. යුදා රෝමානු පාලකයන් ඉදිරිපිට විනිශ්චය කරනු ලැබීම හා මරණ තීන්දුව ලැබීම.
✱. සෙබළුන් අතින් කෲර වධ හිංසනයට ලක්වීම.
✱. කුරුසිය කරගසාගෙන දණ්ඩ ස්ථානයට පාත්‍රවීම.
✱. කුරුසියට තබා ඇණ ගැසීම හා ජීවිත පරිත්‍යාගය.


          මෙම කරුණු අන්තර්ගත පාස්කු නාට්‍ය තුළ එම සම්ප්‍රදායට ම ම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ සමුදායක් අපට හඳුනා ගත හැක. පාස්කු ජන නාට්‍ය සම්ප්‍රදාය තුළ හඳුනා  ගැනීමට හැකි සුවිශේෂී ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. 
               පාස්කු නාට්‍ය රඟ දැක්වීම සඳහා සජීවී නළුවන් මෙන් ම සුරුවම් හෙවත් රූකඩ ද යොදාගනී.එමෙන්ම අනෙකුත් නාට්‍ය සම්ප්‍රදායන් වල ඉතා අඩු නළු නිළි පිරිසක් රංගනයෙන් යුතු වුවද පාස්කු නාට්‍ය වලදී විශාල නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙයි. සමහර  අවස්ථාවන්හිදී ප්‍රේක්ෂකයන් පවා රංගනයට දායක වන බව සඳහන්ව ඇත. 


                   තවද පාස්කු නාට්‍යය වල වේෂභූෂණ , අංග රචනා, රංගෝපකරණ ආදිය  නාට්‍යධර්මී රංග ශෛලියට අනුගත ව යොදා ගැනුණි. එමෙන්ම මෙම නාට්‍ය රඟ දැක්වීම ද රඟ දැක්වීම ද කිතුනු ජනතාවගේ කිතුනු ජනතාවගේ විශේෂ උත්සව අවස්ථාවන් වල සිදු විය. මූලික වශයෙන් නත්තල්  උත්සවය, පාස්කු උත්සවය ආශ්‍රිත අවස්ථාවලදී අවස්ථාවලදී සිදු විය. පාස්කු නාට්‍ය රඟ දැක්වීම පාස්කු මඩු වල මෙන්ම  එළිමහන් රංගස්ථානවලද  අවස්ථාවෝචිතව රඟ දැක්වීය. පාස්කු  රංගභූමිය අනෙක් රංගභූමි න් ට වඩා සුවිශේෂී අන්දමට සකස් වී තිබුණි. පාස්කු රංග භූමිය රංග භූමිය කොටස් තුනකින් සමන්විත වේ. අඩි හයක් පමණ මෙය උස වන අතර වේදිකාවට බැහැර බැහැරින් අඩි හයක් පමණ උස බැම්මක් සකස් කරයි. එම බැම්ම ට මුවා වී සිටිමින් සුරුවම් ශිල්පීන් සුරුවම් රංගනය කිරිම සිදු කරනු ලබයි. රංග සේවින් විසින් සුරුවම් කර්මයෙහි යෙදේ.
                තවද පාස්කු ප්‍රචලිත ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රාදේශීය වෙනස්කම් සහිතව රඟ දක්වයි. එමෙන්ම පාස්කු නාට්‍ය කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා යොදාගනු යොදා ගනු ලැබූවක් බව සඳහන් කළ හැක.පාස්කු නාට්‍ය තුළ අන්තර්ගත වන්නේ ක්‍රිස්තු වහන්සේගේ කතා පුවත් පමණකි. එමෙන්ම පාස්කු නාට්‍ය වල රංගනය පිරිමි නළුවන් විසින් පමණක් සිදු කිරීම කිරීමද සුවිශේෂී ලක්ෂණයකි. 
           මේ ආදී වූ සුවිශේෂී ලක්ෂණ සමුදායකින් සමන්විත වූ පාස්කු නාට්‍ය අග්‍රගණ්‍ය ජන නාටක සම්ප්‍රදායක් ලෙස හඳුනා ගැනීමට හැක. 

  සටහන -: නිශා ඩිල්රුක්ෂි 💜️

Comments

  1. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️❤️❤️

    ReplyDelete
  2. ගොඩක් වැදගත් මහවියෝ..ජය වේවා

    ReplyDelete
  3. I understand that this is a very good article on Easter. It contains a lot of information that a learner needs and it is easy to read and understand. I appreciate your work.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

සකුන්තලා

සොකරි ජන නාටකය