කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

 


                            ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයෙන් අනූන වූ කෝලම් ගැමි නාටකය  පහතරට ප්‍රදේශයට අයත් වූවකි.අම්බලන්ගොඩ ,බෙන්තර, මිරිස්ස, මීගොඩ ආදී පහතරට ප්‍රදේශවල ප්‍රදේශ වල මෙම ගැමි නාටකය ව්‍යාප්තව ඇත.වෙස්මුහුණු නාටක නමින්ද කෝලම් නාටකය හදුන්වයි.මහා සම්මත රජ බිසවගේ දොළදුක සංසිඳවීම සඳහා කෝලම් නාටක පළමුවරට පළමු වරට රඟ දක්වා ඇත.  කෝලම් නාටකය තුළින් සමාජයේ විවිධ චරිත උපහාසයට  ලක්කිරීම සිදුකරයි.කෝලම් නාටකය එයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ සමුදායකින් සමන්විත වී ඇත.ඒවා පිළිබඳව අවබෝධ කර කරලීම මෙහි පරමාර්ථයයි.


                 කෝලම් ජන ජන නාටකය පහත රට පහත රට ප්‍රදේශ වලට ම ආවේණික වීම මෙහි ඇති ප්‍රධාන ලක්ෂණයකි. තවද මෙහි රඟ දැක්වෙන විවිධ කතා පුවත් වලට අදාල නොංචි, ජසයා, ලෙන්චිනා, අණබෙරකරු වැනි සියලුම සියළුමලුම චරිත පිරිමින් විසින් වෙස්මුහුණු ලා ඉදිරිපත් කරයි. මෙම වෙස් මුහුණු නිර්මාණය කරගනු ලබන්නේ කදුරු, රුක් අත්තන, සමදරා වැනි සැහැල්ලු ලී වලින් සාදා, ශාක පත්‍ර, පොතු, මල්, ඵල ආදිය උපයෝගී කර ගෙන සොබාවික ලෙස වර්ණ ගන්වමින් ය . 

              ( කෝලම් වෙස් මුහුණු කිහිපයක්)


තවද ප්‍රධාන වශයෙන් කෝලම් චරිත වර්ග තුනක් දක්නට ලැබීම ද  මෙතුළ ඇති  සුවිශේෂීත්වයකි. ඒවා උදාහරණ සහිතව පහතින් දක්වා ඇත. 


1. මිනිස් ÷ අණබෙර, ජසයා, මුදලි, ආරච්චි, ලෙන්චිනා

2. සත්ව ÷ සිංහ, ගොන්, කොටි, වලස් 

3. අතිමානුශ ÷ ගුරුළු රාක්ෂ, නාග රාක්ශ  


               තවද කෝලම් රඟදක්වනු ලබන්නේ විනෝදාස්වාදය පදනම් කරගෙනය. මෙය සබය හෙවත් තානායම් පොල නැමැති එළිමහන් රංග ස්ථානයේ රඟ දක්වනු ලබයි. මෙම රංග ස්ථානයේ ඉදි කරනු ලබන්නේ ද සුවිශේෂී ක්‍රමවේදයකට අනුවයි.මෙහි වෙස් අත්ත නමින් සුවිශේෂී සැරසිල්ලක් ද වෙයි.  වේදිකාවට පැමිණීම සඳහා තමාගේ අවස්ථාව හිමිවන තුරු නළුවන්ට මුවා වී සිටීමට මෙම වෙස් අත්ත භාවිතා කරයි.

            තවද කෝලම් චරිත සබයට පැමිණි පැමිණි ප්‍රථම සබේ විදානේ හෙවත් තොරතුරු කතා කරු විසින් පහත අයුරට ගායනා කරමින් චරිත හඳුන්වා දෙයි.

#. අණබෙර කරු ÷ 

    අතපය වෙවුල්ලා - හිස කට නිකට උල්ලා

දවුල් උර  එල්ලා  -  ඒය සබයට ගුරු මහල්ලා 

#. නොංචි ÷ 

නොංචි  කළ වරුනේ - පුංචි වයසත් පසූවෙමි නේ

නොංචි මා විසිනේ - නොංචි  අක්කා එන්ට එන්නෙ 

#. පොලිස්

කළු ඇඳුම් ඇඳගෙන - බැටන් පොල්ලක් ලාගෙන

බස්තම සුරත ගෙන ගොස් - කොස්තාපල් කොස්තාපල්වරුන් ඒය  විගසින 

           මෙසේ චරිත හඳුන්වා දීමකින් අනතුරුව විවිධ චරිතයන් සමාජය විවරණය කරන ආකාරයෙන් කෝලම් රංග භූමියට පැමිණීමද කෝලම් තුළ ඇති සුවිශේෂි ලක්ෂණයකි.කෝලම් චරිත තුළින් සමාජය විවරණය කරන ආකාරය මින් අනතුරුව අනතුරු ව විමසා බලමු. 

        කෝලම් රංග දැක්වීමෙහි රඟදැක්වීම් එහි පරමාර්ථය ප්‍රේක්ෂකයාට රසවින්දනයක් රස වින්දනයක් ලබා දීම වුවද එමගින් සමාජයට වැදගත් පණිවුඩ රාශියක් මුදාහරී. සමකාලීන සමාජයේ අත් පිටපතක් ලෙස කෝලම් හඳුනාගත හැකිය. කෝලම් නාටක තුළ ඇති විවිධ චරිත අනුව සමකාලීන සමාජය විවරණය කරනු ලබයි.සමාජයේ අණසක පතුරාගෙන සිටින උසස් නිල තල ලද්දන් උපහාසයට ලක් කරමින් සමාජ විවරණයක යෙදෙන අයුරු කෝලම් තුළ දක්නට ඇත. 

       මෙහිදී ගැමියන් විසින් ප්‍රභූ පන්තිය සරදමට ලක් කරයි උදාහරණයක් ලෙස ගත් කල ආරච්චිල හඳුන්වා දෙනු ලබන්නේ,

" නසා දුප්පත් හැම - අසාධාරණ කරති නිතරම......." 

තවද තත්කාලීන සමාජයේ යම්තාක් දුරට බැහැර වූත්,  අතීත සමාජය තුළ අණසක පතුරුවාගෙන සිටි කුල භේදය ද මෙහිදී උපහාසයට ලක්කරයි. එය  ජසලෙන්චිනා කතා පුවතෙන් පැහැදිලි වේ.  තවද ලංකාවට සංක්‍රමණය වූ කාපිරි, පරංගි, දෙමළ, ලන්සි, කරපිට ආදී සංක්‍රමණිකයින්ගේ හැසිරීම්, සිරිත් විරිත්, කතා විලාශයන් පිළිබඳවද පිළිබඳවද කෝලම් තුළින් විවරණය කරයි. 

      තවද එකල පැවිදි විවිධ වෘත්තීන් ද ජනතාව ඒවායේ නියත වූ ආකාරය ආකාරයද කෝලම් තුළින් විග්‍රහ කෙරිණි.  අණබෙර කෝලමේන්  රජු ජනයාට අණබෙරකරු අතේ පණිවිඩ එව්වද ඔහු රා බී මත් වී ඒවා ජනයාට හරිහැටි දැනුම් නොදෙන බව විග්‍රහ කරනු ලැබීය. තව ද හේවා  කෝලමෙන් යුද්ධයට ගොස්  පැමිණි හේවායන් පිළිබඳවද,  පොලිස් කෝලමෙන් පොලිස් භටයින් පිළිබඳවද එකල පැවති ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ද ද විග්‍රහ කෙරිණි. 

          ගම්වැසියන් තාඩන පීඩනයට පත් කරමින් ගම් පාලනය කරන ආරච්චි මුදලි වැනි පුද්ගලයින් ද ඒ ඒ කෝලම් වලින් උපහාසයට නැගිණි. එමෙන්ම සමාජ විෂමාචාර ද මෙතුළින් විවරණයට ලක් කෙරිණි.බේබදුකම, පාගා ගැනීම, අනිසි ලෙස බලය යෙදීම, ස්ත්‍රී ලේලි ලෝලීත්වය ආදී සමාජ විෂමාචාර  ද කෝලම් නාටක තුළින් පිළිබිඹු කෙරිණි. 

       තවද යම් ප්‍රදේශවල කෝලම් නාටකය ශාන්ති කර්මයක් ලෙස ද යොදා ගැනිණි.සශ්‍රීකත්වය, ගව මහීෂාදීන්ගෙ සුවය, වසංගත රෝග නිවාරණය,  ආදී සශ්‍රීකත්වය පෙරදැරි කරගෙන ද කෝලම් නාටකය පවත්වනු ලැබීය.

     ඉහත සඳහන් ආකාරයට පහත රට ප්‍රදේශයටම ආවේණික වූ ශ්‍රී ලාංකීය  සංස්කෘතික අනන්‍යතාවය විදහා දක්වන්න දක්වන්නාවූ කෝලම් ගැමි නාටකය පිළිබඳ සුවිශේෂී සුවිශේෂීතා සඳහන් කර හැක. 




 

Comments

  1. හොද විචාරයක් ❤️👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සකුන්තලා

සොකරි ජන නාටකය