සකුන්තලා
සකුන්තලා නාට්‍ය සකුන්තලෝ ප්‍රාක්‍යාන කතා පුරා කතාව අලලා නිර්මාණය වූවකි.භරතමුනි පඩිවරයා විසින් අභිඥාන සාකුන්තලය ලෙස මෙය නිර්මාණය කෙරිණි.පළමුව මෙම නාට්‍යයෙහි පුරා කතාව පිළිබඳව විමසා බලමු.
යටගිය දවස ප්‍රතිෂ්ඨා නම් නුවර මහා බාහු ඇත්තාහු බල වාහන ඇත්තාහු දුශ්‍යන්ත නම් රජෙක් විය.සත්තු නසමින් මුවන් ලුහුබදිමින් ඔහු අන්‍ය වනයකට ප්‍රවිෂ්ට විය.එය කෙළවර හිස් බිමක් දුටුවේය. එය ඉක්මවා මල්ඵල ගහන සිහින් මදනල සහිත නිල් සෙවනැලි ගහන රුක් පෙළින් යුතු විවිධ පක්ෂීන්ගේ මියුරු නාද සහිත සතුන් ගහන නෙත්කලු වන එකට පිවිසියේය .මාලනී ගං ඉවුරට පැමිණෙන රජු කන්ව තවුස් අසපුවට පැමිණේ.සෙනග වන එහි නවතා කන්න සෘෂිහු දැකීමට අසපුවට රජු පිවිසියේය. අසපුව පාළු විය කන්ව සෘෂීහු නොවීය. " මෙහි කවුරුන් වේ දැ යි " යනුවෙන් රජු වනය නින්නාද කරමින් කෑ ගැසීය. නිල් නුවන් වලින් යුතු තවුස් වෙස් ගත් කන්‍යාවක් එළියට පැමිණ " ඔබ සදහා කුමක් කල යුතු දෑ" ඇසිය. තමා කන්ව සෘෂීහු දැකීමට පැමිණි බව රජු පවසයි. " ඒ මා පියාණෝ පලවැල සදහා වනයට ගියහ" යන පිළිතුර ඇසූ රජු නැවතත් ඔබ කාගේ කවුරුන්දැයි විමසයි.තම පියා විශ්වාමිත්‍ර බවත් මව මේනකා අප්සරාව බවත් ඔවුන් තමාව මාලනී ගං ඉවුරේ දමා ගොස් සිටියදී කන්ව සෘෂිතුමා තමා හදා වඩා ගත් බවත් පවසයි. සකුන්තලා යන නම කන්ව ඍෂි තුමා තමා ට තැබූ බව ද පවසයි. ඒ අවස්ථාවේදී රජු ඇයට තම භාර්යාව වන ලෙස පවසා සිටී. ඒ රජු හා විවාහ වීමට ප්‍රථම රජුගෙන් වරයක් ඉල්ලයි එනම් තමාට පුතකු ඉපදුනහොත් ඔහු යුව රජ කරවන ලෙසයි. රජු එයට එකඟ ව සකුන්තලා හා ගාන්ධර්ව විවාහයෙන් විවාහ වී අභිරමණය යෙදෙයි. ඇය රැගෙන යාමට මාලනී ගං තෙරට පිරිවර එවන බවට රජු පුන පුනා පවසා ආපසු යයි නමුත් රජු නැවත නො පැමිණේ. කාලය ගත වීමෙන් සකුන්තලාට පුතෙකු ලැබ වසර හයක් ගිය කල සිංහ , ව්‍යාඝ්‍ර ආදී සතුන් දමනයට ඔහු හපන්කම් දැක් විය. කන්ව සෘෂීහු ඔහු යුවරජ තනතුරට පත්වීමට කාලය එලඹ ඇතැයි සිතා සකුන්තලා හා රජ මාළිගාවට පිටත් කර යවයි.රජ මාලිගාවට පැමිණි සකුන්තලා ව රජු ප්‍රතික්ෂේප කරයි. අසත්‍ය නොපවසන ලෙස සකුන්තලාට බැණ වදී.සත්‍ය දැන දැනත් නීච පුරුෂයෙකු ලෙස බොරු නොකියන ලෙස සකුන්තලා රජුට පවසයි මෙම අවස්ථාවේ අහසින් දිව්‍ය වාක්‍යයක් පහළ වේ.
" එම්බා දුශ්‍යන්ත මේ ඔබගේ පුතුය සකුන්තලා පවසන්නේ සත්‍යයකි. සකුන්තලා පුත්‍රයා පිළිගෙන පෝෂණය කරව"
එබස් ඇසූ රජු තමා ගේ පුතු පිළිබඳව සැක පහල වේ යැයි මුලින් පුතා සහ සකුන්තලා නො පිළිගත් බව පවසා සකුන්තලා සහ පුත්‍රයා භාරගෙන පෝෂණය කරයි. ඔහුගේ පුත්‍රයා භරත ලෙස නම් දැරිය.
ඉහත සඳහන් පුරා කතාවට අනුව යම් යම් වෙනස්කම් සිදු කරමින් සකුන්තලා නාට්‍ය නාට්‍යය නිර්මාණය කර ඇත.පුරා කතාව සහ නාට්‍ය නිර්මාණයේ දී සිදුකර ඇති වෙනස්කම් පිළිබඳව විමසා බලමු.
සකුන්තලා පුරා කතාවට වඩා නාට්යයෙහි ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ දුර්වාස සෘෂිවරයාගේ ශාපයයි. පුරා කතාවේ වංචනික ලෙස දුශ්‍යන්ත සකුන්තලා රැවැට්ටුව ද නාට්‍යයෙහි දුශ්‍යන්ත උදාර චරිතයක් ලෙස පෙන්වා දීමට දුර්වාසගෙ සාපය අන්තර්ගත කොට ඇත. නාට්‍යයේදී සකුන්තලා දුර්වා දුර් වාස ඍෂිවරයාට හරිහැටි සාත්තු නොකොට දුෂ්‍යන්ත ගැන සිහි කරමින් සිටීම හේතුවෙන් දුර්වාස සෘෂිවරයා සාප කරයි. නමුත් හදුනා ගැනීමේ සලකුණක් දුටු විට ශාපය මග හැරෙන බව ද දුර්වාස පවසයි. සකුන්තලා නාට්‍යයේ දුශ්‍යන්ත ආදි චරිත ඉස්මතු කිරීම උදෙසා අනසුයා ප්‍රියංවදා විදූෂක යන චරිතත් පුරා කතාවට අන්තර්ගත නොවුවද නාට්‍යයේදී නිර්මාණය කර ඇති චරිත වේ.මීට අමතර ව ගෞතමී, රථාචර්යා, මාතලී, සානුමතී අප්සරාව ආදී චරිත ගණනාවක් ගොඩ නගා ඇත. පුරා කතාවේ දුශ්‍යන්ත රජු දේව වාක්‍යයන් පසු සකුන්තලා භාරගත් අතර නාට්‍යයෙහි සුරාසුර යුද්ධය ට ගොස් පැමිණෙන දුශ්‍යන්ත සකුන්තලා පුතාත් මුණගැසීම සිදුවේ. තවද පුරා කතාවෙහි දරුවෙකු අතින් ගත් සකුන්තලා රජ මැදුරට යැව්වත් නාට්‍යයෙහි මාස හයක ගැබක් සහිත සකුන්තලා රජමාලිගයට යැවීම. පුරා කතාවේ දුශ්‍යන්ත රජු තපෝ වනයට පැමිණෙන විට කන් වැලි කන්ව සෘෂීහු පලවැල නෙලීමට වනයට ගොස් ඇති අතර නාට්‍යයෙහි කන්ව සෘෂිහු සෝම තීර්ථකයට යවා ඇත.නාට්‍යයේ සකුන්තලා ගේ සුන්දරත්වය හැඟවීමට මී මැස්සෙකු ඈ වටා කැරකෙන බව ආදිය දක්වා තිබුණද එවැන්නක් පුරා කතාවේ අන්තර්ගත නොවේ. පුරා කතාවෙහි පිරිවර සමඟ තපෝ වනය අසලට යන දුශ්‍යන්ත නාට්‍යයෙහි රථාචාර්ය සමග වනයට යන බව පැවසෙන අයුරින් රථාචාර්ය සමඟ වේදිකාවට ප්‍රවිෂ්ට කිරීම සිදුවේ. තවද රජුට වනයේ නතර වන ලෙසට වයික්‍යානස ගේ ඉල්ලීමද පුරා කතාවෙහි අන්තර්ගත නොවේ. පුරා කතාවේ පළමු හමුවීමෙන් ම අභිරමණය යෙදුන පසු දුශ්‍යන්ත සකුන්තලා හැර දමා පිටව නමුත් නාට්‍යයේ දුශ්‍යන්ත රජු රජ වාසලට යාමට ප්‍රථම කිහිප අවස්ථාවක්ම සකුන්තලා මුණගැසේ.පුරා කතාවේදී සකුන්තලා දුශ්‍යන්ත හමුවට නිවස තුළ සිට පැමිණෙන අතර නාට්‍යයේදී සකුන්තලා හා යෙහෙළියන් පැළවලට වතුර වත් කරමින් සිටියදී දුශ්‍යන්ත හමුවේ. පුරා කතාවේ සකුන්තලා රජුට පළමු අවස්ථාවේම කැමැත්ත ප්‍රකාශ කරන අතර නාය නාට්‍යයේදී පෙම් හසුන් ලියා යෙහෙළියන්ගේ යෙහෙළියන් ගෙ උදව්වෙන් දුශ්‍යන්ත රජු හා එකතු වීම සිදුවේ.
තවද පුරා කතාවේ දුශ්‍යන්ත රජු සකුන්තලා ව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ සකුන්තලා සත්‍ය පවසන බව අහසින් පහළ වූ දිව්‍ය වාක්‍යකින් පැවසෙන අතර නාට්‍යයේදී සකුන්තලා ප්‍රතික්ෂේප වූ විට එළියක් සමඟ ඇය අතුරුදහන් වේ. තවද නාට්‍ය අවසානයේදී භරත කුමරු පළමුව දැක ඔහු පිළිබඳ පැහැදීමක් ඇතිව දුශ්‍යන්ත ඔහුගේ මව සකුන්තලා බව දැන ගැනීම ද ගැනීමද නාට්‍ය තුළ ඇති නමුත් පුරා කතාවේ එවැන්නක් අන්තර්ගත නොවේ.මෙතුළින්ද පුරා කතාවට අරුතක් එක්කර ඇත.
ඉහත සඳහන් කොට ඇති වෙනස්කම් පුරා කතාවේ අන්තර්ගත නොවුනද නාට්‍ය නිර්මාණයේ දී අන්තර්ගත කොට ඇත.
නාට්‍යක රංගය ගොඩනැගෙන ආකාරය එහි රංග ශෛලිය ලෙස හදුන්වයි. සංස්කෘතික නාට්‍යක රංගය ගොඩනගා ඇත්තේ නාට්‍ය ධර්මී රංග ශෛලිය ට අනුගතවය. සකුන්තලා නාට්‍ය තුළ රංග ශෛලිය සකස් වී ඇති ආකාරය කරුණු කිහිපයක් ඔස්සේ විමසා බලමු.
#. පාත්‍රයන් මුද්‍රා භාවිතයෙන් රංග කාර්යයේ නියුතු වීම.
රංග කාර්යයේ දී මුද්‍රා භාවිත වී ඇති බව ඇතිබව රංග විධාන තුළින් පැහැදිලි වේ.
උදා÷ ඉති කුසුමාවයං නාටයති.
( මල් නෙලීම අභිනයෙන් හැඟවීම )
ඉතින් භ්‍රමණභාදං නාටයති.
( මී මැස්සෙක් විදීමට එලවීම අභිනයෙන් දැක්වීම)
#. ස්ථාන මාරුව හැඟවීම සඳහා වේදිකාව වටා යාම හා එම ස්ථානයට ගිය බව වාචිකාභිනයෙන් හැඟවීම.
උදා ÷
" රජු - ( වටයක් ගොස් බලා)
මේ තියෙන්නෙ අසපුව යි මම ඇතුල් වෙන්න ඕනෑ "
යනාදී දෙබස් ඛණ්ඩ භාවිතය තුළින් වෙනත් ස්ථානයකට ගිය බව හැඟවීම කරයි.
#. කාලය හා පරිසරය ගද්‍ය පද්‍ය සංවාද ඔස්සේ ඉදිරිපත් කිරීම සහ වේදිකා පසුතල භාවිත නොකිරීම.
උදා÷ *. කාලය හඟවන අයුරු
" එක් පසෙකින් සඳ අවර ගිරට යයි අනෙක් පසෙන් අරුණලු පාමින්"
*. පරිසරය මවන අයුරු
"එම ට වැටී ඇත ඌරු සහල් ඇට ගිරව් ලැගපු බෙන වලින් මෙ රුක් යට"
#.සකුන්තලා නාට්‍යයේ රංග ශෛලිය නාට්‍යධර්මී වුවත් සංවාද ස්වභාවික සම්ප්‍රදාය අනුගමනය කිරීම.
උදා÷ " මිතුරිය ආනසුයා, ප්‍රියංවදා අන්දපු වල් කලා ඇඳුම හරි තදයි ටිකක් බුරුල් කරන්නකෝ"
#.පූර්ව රංගයකින් නාට්‍ය ආරම්භ කිරීම.
ප්‍රස්තාවනාව සහ නාන්දිය යනුවෙන් පූර්ව රංගය කින් නාට්‍ය ආරම්භ වේ.
#.භරත වාක්‍යකින් නාට්‍ය නිමාවීම.
#.විවිධ භාෂණ ක්‍රම සංවාද උච්චාරණයට භාවිතා කිරීම.
#. වේදිකාව කොටස් වලට බෙදා ස්ථාන දෙකක සිදුවන සිදුවීම් පෙන්වීම හෙවත් කාක්ශා භාවිතය.
මෙවැනි රංග ශෛලියකින් යුතු සකුන්තලා නාට්‍ය ප්‍රේක්ෂකයාට ජීවිතාවබෝධය ලබා දෙන නාට්‍යකි. කාන්තාවක් විදියට සමාජයේ ජීවත් විය යුතු ආකාරය තම දරුව ට නැදි මයිලන් ට සැමියාට සලකන ආකාරය පිළිබඳව සකුන්තලා ගේ චරිතය තුළින් ජීවිතාවබෝධය ලබා දේ. එමෙන්ම දුශ්‍යන්ත රජු කන්ව සෘෂිතුමා ආදී චරිත තුළින් ද ජීවිතාවබෝධයක් ලබා දේ.
සංස්කෘත නාට්‍ය අතුරින් අග්‍රගණ්‍ය වූ වූ විශිෂ්ට වූ සකුන්තලා නාට්‍ය පිළිබඳව මෙසේ කරුණු විග්‍රහ කළ හැක.
❤️❤️❤️❤️
ReplyDeleteඉතා හොඳයි...🙂♥️
ReplyDelete❤️❤️
ReplyDelete😘
ReplyDelete❤️👍
ReplyDeleteNiyamai
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍😍😍😍😍😍
ReplyDelete❤️❤️👌👌👌
ReplyDelete👍❤️
ReplyDeleteBest
ReplyDelete😃😃😃
ReplyDelete😍😍😍🎉️🎉️👍
ReplyDelete💛👌🤘
ReplyDeleteසුපිරී ❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteNiyamai
ReplyDeleteSuperb❤️👌
ReplyDeleteලස්සනයි☺️
ReplyDeleteNiyamai
ReplyDeleteGood job nanga 😘❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteනාට්‍ය
ReplyDelete😍😍
ReplyDelete👌💖
ReplyDeleteNiymay 😎🔥👌
ReplyDelete👌👍
ReplyDelete👍👍
ReplyDeleteNiymai dr
ReplyDelete