නූර්ති නාට්‍ය ප්‍රගමනය.

ඉන්දියාවේ බොම්බායේ සංදර්ශන පවත්වන බලිවාලා ගේ ප්‍රධානත්වයෙන් යුතු එල් පිස්ටන්   නාට්‍ය කණ්ඩායමේ ලංකා ගමනින් නූර්තිය ප්‍රභවය ලබයි . ඔවුන් එසේ පැමිණ මරදානේ  ෆ්ලෝරල් හෝල් නම් ස්ථානයේ ප්‍රථම සංදර්ශනය පැවැත්වීය. අරාබි නිසොල්ලාසය, romeo juliet, ඇලඩින්ගේ පුදුම පහන ,ඔතෙලෝ යන්න නාට්‍ය ඇතුළත් සර්කස් සංදර්ශණ සංදර්ශණ මාලාවක් ඔවුන් පැවැත්වීය.මෙම සන්දර්ශන නැරඹීමට පැමිණි ජනයාගෙන් නූර්ති ශාලා පිරී ඉතිරී ගියේය. මෙලෙස සීඝ්‍රයෙන් නූර්ති ජනප්‍රිය වීමට හේතු රාශියක් බලපා ඇත.ශ්‍රී ලංකාව තුළ නූර්තිය ජනප්‍රිය වීමට බලපෑ හේතු මොනවාදැයි හඳුනා ගනිමු.
            පෙර පැවති නාට්‍ය  සම්ප්‍රදායන් මෙන් නූර්තිය රැයක් පහන් වන තුරු පැවැත්වීම සිදු නොවූ අතර නූර්තියෙ දර්ශන කාලය පැය  දෙකකට තුනකට සීමා විය. කාර්යබහුල ජනතාව වෙහෙස මහන්සියෙන් තම රැකියා නිමකර මහන්සිය දුරු කරවා ගැනීමට නූර්ති නැරඹීම සඳහා පැමිණුනි.ඔවුන් පැමිණ නාට්‍ය නරඹා පසුදින  නැවතත් ඔවුන්ගේ රැකීරක්ෂා  සිදු කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා නූර්ති  නැරඹීම බාධාවක් නොවීය. නාඩගම් වැනි කලාවන්ගේ කථා වස්තූන් ඉතා දීර්ඝ වූ බැවින් රාත්‍රියක්  මුළුල්ලේ ම එම නාට්‍යය රඟ දක්වන බැවින් පසුදින තමන්ගේ රැකියාවන් සඳහා පිටත්වීම මිනිසාට අපහසු විය.නූර්තියේ පැමිණෙන කතා පුවත් ඉතා කෙටි රසවත් ඒවා බැවින් ප්‍රේක්ෂකයාගේ රුචිකත්වයට අනුව රස විඳීමට හැකි වීම නූර්තිය ජනප්‍රිය වීමට හේතුවක් විය.
               තවද මිහිරි ගීත සහිත කන්කලු උත්තර භාරතීය  හින්දුස්ථානී සංගීතය භාවිතා කිරීම නූර්තියේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම ගීත ඉතාම රසවත් ඒවා වූ බැවින් එම ගීත රස විදින්නට ජනතාව පෙළඹී ය.නූර්තිය පැමිණෙන තෙක් ලංකාවේ එවැනි රසවත් ගීත නිර්මාණය නොවී තිබුණු බැවින් නූර්තිය ජනප්‍රිය වීමට නූර්තියේ එන ගීත මහඟු දායකත්වයක් සැපයීය. මෙතෙක් ලංකාව තුළ පැවති සියලුම නාට්‍ය සම්ප්‍රදායන් වල රංග කාර්යයේ නියතු වූයේ පිරිමි නළුවන් විසින් පමණි . නමුත් නූර්ති නාට්‍ය වල දී කාන්තා චරිත කාන්තාවන් විසින්ම රඟපෑම සිදු කරන ලදී. මෙතෙක් කාන්තා රංගන කාර්යය නොදුටු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් නූර්ති රංග ශාලා කරා  ඇදුනේ ස්ත්‍රී රංගනයන් දැක බලා ගැනීම සඳහාය.  


පෙර නාට්‍ය සම්ප්‍රදායන් වල මෙන් එළිමහන් රංග භූමි නූර්ති සඳහා භාවිතා නොකලේය.ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඒ අත් නවමු අත්දැකීමක් විය. මන්ද යත් නූර්තිය ලංකාවට පැමිණෙන තුරුම ලංකාවේ ගෘහස්ථ වේදිකා තුළ නාට්‍ය පෙන්වීම සිදු නොවිණි. ඒ නිසා ප්‍රේක්ෂකයන් මැසි මදුරු උවදුරින් තොර අංග සම්පූර්ණ ගෘහස්ථ වේදිකාවන් තුළ නූර්ති නැරඹීම ඔවුන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කොට සැළකීය.
 

  
      තවද මෙතෙක් පැවති නාට්‍ය සම්ප්‍රදාය සම්ප්‍රදායන් තුළ ආනුශාංගික අංග ඉතා සරල ලෙස භාවිතා වුවද නූර්ති යෙදී පෙර නොවූ විරූ  ආකාරයේ ඉතාම අලංකාර රංග වස්ත්‍රාභරණ, අංගරචනා, වේදිකා පසුතල, චිත්‍ර වස්ත්‍ර , රංග භාණ්ඩ, රංගාලෝකය  ආදී ආනුශාංගික අංග ඉතාමත් චමත්කාර ජනක ප්‍රේක්ෂා වන් මැවීම සඳහා යොදාගැනීම නූර්තියේ ප්‍රගමනයට හේතුවක් විය. 
       මේ ආදී වූ හේතුන් රාශියක් පදනම් කරගෙන නූර්ති නාට්‍ය සම්ප්‍රදාය ලංකාව පුරාම ප්‍රචලිත විය. විශිෂ්ට නූර්ති නාට්‍ය බිහිවීම සහ විශිෂ්ට නූර්ති ශිල්පීන් බිහි  වීමද මේ ආශ්‍රයෙන් සිදු විය. ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව තුළ  සුවිශේෂී ස්ථානයක් හිමි වූ නූර්ති නාට්‍ය කලාව ආරම්භ වී විශිෂ්ට ආකාරයෙන් වර්ධනය වී ව්‍යාප්ත වීමට ඉහත සඳහන් කරුණු බලපා ඇති බව පිළිගත හැකි මතයයි. 

 
 
සටහන -: නිශා ඩිල්රුක්ෂි 💜

Comments

  1. Superb sis.. carry on... 💕💕💕💕💕😘

    ReplyDelete
  2. 👌👌👌👌👌👌👌

    ReplyDelete
  3. වැදගත් ලිපියක් . තොරතුරු වටිනවා 💓👍

    ReplyDelete
  4. wagath lipiyak.thwa wisthar a thibbanam hodai,nodanna deyak ada danagathha.kiyala dunnata godak sthuthi

    ReplyDelete
  5. I got it.. thanks for new knowledge👍

    ReplyDelete
  6. Nice 👍👍👍 Good job 🏆️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

සකුන්තලා

සොකරි ජන නාටකය