Posts

Showing posts from October, 2020

සකුන්තලා

Image
       සකුන්තලා නාට්‍ය සකුන්තලෝ   ප්‍රාක්‍යාන කතා   පුරා කතාව අලලා නිර්මාණය වූවකි.භරතමුනි පඩිවරයා විසින් අභිඥාන සාකුන්තලය ලෙස මෙය නිර්මාණය කෙරිණි.පළමුව මෙම නාට්‍යයෙහි පුරා කතාව පිළිබඳව විමසා බලමු.                  යටගිය දවස ප්‍රතිෂ්ඨා නම් නුවර මහා බාහු ඇත්තාහු බල වාහන ඇත්තාහු දුශ්‍යන්ත නම් රජෙක් විය.සත්තු නසමින් මුවන් ලුහුබදිමින්  ඔහු අන්‍ය වනයකට ප්‍රවිෂ්ට විය.එය කෙළවර හිස් බිමක් දුටුවේය. එය ඉක්මවා මල්ඵල ගහන සිහින් මදනල සහිත නිල් සෙවනැලි ගහන  රුක් පෙළින්  යුතු විවිධ පක්ෂීන්ගේ මියුරු නාද සහිත සතුන් ගහන නෙත්කලු වන එකට පිවිසියේය .මාලනී ගං ඉවුරට පැමිණෙන රජු කන්ව තවුස් අසපුවට පැමිණේ.සෙනග වන එහි නවතා කන්න සෘෂිහු දැකීමට අසපුවට රජු පිවිසියේය. අසපුව පාළු විය කන්ව සෘෂීහු නොවීය. " මෙහි කවුරුන් වේ දැ යි " යනුවෙන් රජු වනය නින්නාද කරමින් කෑ ගැසීය. නිල් නුවන් වලින් යුතු තවුස් වෙස් ගත් කන්‍යාවක් එළියට පැමිණ " ඔබ සදහා කුමක් කල යුතු දෑ" ඇසිය. තමා කන්ව  සෘෂීහු දැකීමට පැමිණි බව රජු පවසයි. " ඒ මා පියාණෝ ...

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

Image
                              ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයෙන් අනූන වූ කෝලම් ගැමි නාටකය  පහතරට ප්‍රදේශයට අයත් වූවකි.අම්බලන්ගොඩ ,බෙන්තර, මිරිස්ස, මීගොඩ ආදී පහතරට ප්‍රදේශවල ප්‍රදේශ වල මෙම ගැමි නාටකය ව්‍යාප්තව ඇත.වෙස්මුහුණු නාටක නමින්ද කෝලම් නාටකය හදුන්වයි.මහා සම්මත රජ බිසවගේ දොළදුක සංසිඳවීම සඳහා කෝලම් නාටක පළමුවරට පළමු වරට රඟ දක්වා ඇත.  කෝලම් නාටකය තුළින් සමාජයේ විවිධ චරිත උපහාසයට  ලක්කිරීම සිදුකරයි.කෝලම් නාටකය එයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ සමුදායකින් සමන්විත වී ඇත.ඒවා පිළිබඳව අවබෝධ කර කරලීම මෙහි පරමාර්ථයයි.                  කෝලම් ජන ජන නාටකය පහත රට පහත රට ප්‍රදේශ වලට ම ආවේණික වීම මෙහි ඇති ප්‍රධාන ලක්ෂණයකි. තවද මෙහි රඟ දැක්වෙන විවිධ කතා පුවත් වලට අදාල නොංචි, ජසයා, ලෙන්චිනා, අණබෙරකරු වැනි සියලුම සියළුමලුම චරිත පිරිමින් විසින් වෙස්මුහුණු ලා ඉදිරිපත් කරයි. මෙම වෙස් මුහුණු නිර්මාණය කරගනු ලබන්නේ කදුරු, රුක් අත්තන, සමදරා වැනි සැහැල්ලු ලී වලින් සාදා, ශාක පත්...

නාඩගමෙ පරිහානිය හා නූර්තියේ ආගමනය.

Image
  දකුණු ඉන්දියානු වීදි නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වූවක් ලෙස නාඩගම් හැඳින්විය හැක.ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල මෙම ජන නාට්‍ය ය ව්‍යාප්ත වී ඇත.නාඩගම් කලාව ලංකාවේ කම්මල්කරුවෙකු වූ  පේදුරු සිංඤො විසින් ආරම්භ කරන ලදී.ඔහුගේ පළමු නාඩගම  හරිස්චන්ද්‍ර නම් දෙමළ නාඩගමයිි.මෙම නාඩගමෙන්  අනතුරුව නාඩගම් කලාව ලංකාවේ බොහෝ සෙයින් දියුණුවට පත් විය.නමුත් ටික කලක් ගත ගතවීමේදී ජන සමාජයේ දියුණුවට පත්ව තිබූ නාඩගම් කලාව පරිහානියට ලක් විය.මේ බැවින් නාඩගම කරළියෙන් නික්ම යන්නට විය.එයට බලපෑ ප්‍රධානතම හේතු දෙකක් විය. 1.නාඩගම් කලාව තුළ පැවිදි දුර්වලතා     2.නූර්ති කලාවේ ආරම්භය නාඩගම් කලාව පරිහානිය සඳහා නාඩගම තුළ පැවිති දුර්වලතා හඳුනා ගනිමු. නාඩගම් දින තුනක් 3ත් 7ත් අතර දින ගණනාවක් ගණනාවක්ම රාත්‍රියේ දී පෙන්වීම නිසා ජන ආර්ථිකය කඩා කඩාවැටීමට කඩා වැටීමට හේතුවක් විය.දිවා කාලයේදී වෙහෙස මහන්සිව රැකී රක්ෂා වෙ නිරත වී නිරත වී රාත්‍රී රාත්‍රී කාලයේදී නාඩගම් නැරඹීම සඳහා ජනතාව පැමිණියද පැමිණිය ද ඔවුන්ට එක දිගට රාත්‍රී ගණනාවක්  මුළුල්ලේ නිදි වැරීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථිකය කඩා කඩා වැටීමට...