නාඩගමෙ පරිහානිය හා නූර්තියේ ආගමනය.


 

දකුණු ඉන්දියානු වීදි නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වූවක් ලෙස නාඩගම් හැඳින්විය හැක.ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල මෙම ජන නාට්‍ය ය ව්‍යාප්ත වී ඇත.නාඩගම් කලාව ලංකාවේ කම්මල්කරුවෙකු වූ  පේදුරු සිංඤො විසින් ආරම්භ කරන ලදී.ඔහුගේ පළමු නාඩගම  හරිස්චන්ද්‍ර නම් දෙමළ නාඩගමයිි.මෙම නාඩගමෙන්  අනතුරුව නාඩගම් කලාව ලංකාවේ බොහෝ සෙයින් දියුණුවට පත් විය.නමුත් ටික කලක් ගත ගතවීමේදී ජන සමාජයේ දියුණුවට පත්ව තිබූ නාඩගම් කලාව පරිහානියට ලක් විය.මේ බැවින් නාඩගම කරළියෙන් නික්ම යන්නට විය.එයට බලපෑ ප්‍රධානතම හේතු දෙකක් විය.

1.නාඩගම් කලාව තුළ පැවිදි දුර්වලතා     2.නූර්ති කලාවේ ආරම්භය

නාඩගම් කලාව පරිහානිය සඳහා නාඩගම තුළ පැවිති දුර්වලතා හඳුනා ගනිමු.

නාඩගම් දින තුනක් 3ත් 7ත් අතර දින ගණනාවක් ගණනාවක්ම රාත්‍රියේ දී පෙන්වීම නිසා ජන ආර්ථිකය කඩා කඩාවැටීමට කඩා වැටීමට හේතුවක් විය.දිවා කාලයේදී වෙහෙස මහන්සිව රැකී රක්ෂා වෙ නිරත වී නිරත වී රාත්‍රී රාත්‍රී කාලයේදී නාඩගම් නැරඹීම සඳහා ජනතාව පැමිණියද පැමිණිය ද ඔවුන්ට එක දිගට රාත්‍රී ගණනාවක්  මුළුල්ලේ නිදි වැරීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථිකය කඩා කඩා වැටීමට ලක්විය.මේ නිසා නාඩගම් නැරඹීමට ජනතාව කරළියට පැමිණීම සීමා විය. ඒ නිසාත් ප්‍රේක්ෂක සහභාගිත්වය ද අඩු විය. එමෙන්ම සෑම දිනකම ස්ථාවර පාත්‍රයන් කරළියට ගෙන්වීම නිසා එය ජනයාට මහත් සේ  අප්‍රියජනක විය.දීර්ඝ කතා පුවත් නිසා පෙරදා නාඩගමේ කොටසක් ඉතිරි වුවද එයද ස්ථාවර පාත්‍රයන් කරලියට ගෙන අවසානයේ ඉදිරිපත් කරනු ලබයි මෙයද මෙයද ප්‍රේක්ෂකයාට මහත් අප්‍රියජනක විය.

තව ද මැසි මදුරු කරදර සීතල පින්න ආදියෙන් පීඩාවට පත්වෙමින් එළිමහනෙ රාත්‍රී ගණනාවක් පුරා නාඩගම් නැරඹීමට සිදුවීම නිසා රාත්‍රිය මුළුල්ලේ නිදි නොලබා නාඩගම් නරඹා පසුදා ගෘහ ආර්ථික කටයුතු කිරීමට ජනයාට අපහසු විය.එමෙන්ම පසුකාලීන අවස්ථා වන විට වනවිට නාඩගම් පොළ අසල සුරාසැල් සූදු පොළවල් අනියම් සබඳතා වැනි දුරාචාරයන් රජයන්නට විය.මේ හේතුව නිසා කාන්තාවන් නාඩගම් පොල අසලට පැමිණීම ද ප්‍රතික්ෂේප විය.නාඩගම් රඟපාන නළුවන් ද මත්පැන් බී අවිනීතව හැසිරීමට පටන් ගැනීම නිසා නාඩගම් පරිහානියට  ලක්වීමට කටයුතු සම්පාදනය විය. ඉහත කරුණු මෙන්ම නාඩගම් පරිහානියට හේතු වූ තවත් කරුණක් නම් ගැමි ජනයාට සමීප නොවන  අපබ්‍රන්ස වචන නාඩගම් තුළට යෙදුමෙන් ඇතිවූ දුරවබෝධය නිසා නාඩගමින් ජනයා ඈත් විය. බොහෝ නාඩගම් ශිල්පීන් නිර්මාණශීලී නිර්මාණශීලී රචනයන් නොකිරීම නිසා ඇති වූ අප්‍රසන්න බව ද මෙයට තවත් එක් හේතුවක් විය. 

ඉහත සඳහන් කරන ලද නාඩගම් කලාවේ දුර්වලතා නිසා නාඩගම් කලාව පරිහානියට පත්විය පත් විය. ඒ සමඟම ප්‍රභවය ලැබූ නූර්ති කලාව වර්ධනය වී විකාශනය වීමට බලපෑ හේතු පිළිබඳව මීළඟට සොයා බලමු.

ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ සංදර්ශන පවත්වන බලිවාලා ගේ ප්‍රධානත්වයෙන් යුතු  එල්පිස්ටන් නම් පර්සියානු නාට්‍ය කණ්ඩායමේ  ලංකාගමනයෙන් ලංකාවට නූර්ති දායාද විය. ඔවුන් පැමිණ ලංකාවේ ප්‍රථම නූර්තිය ඉදිරිපත් කළේ මරදානේ ෆ්ලෝරල් හෝල් නම් ස්ථානයේදී ය.මෙසේ ආරම්භ වූ නූර්ති අතිශය වේගවත් ලෙසින් ජනයා අතර ජනප්‍රිය විය.ඒ සඳහා ද බලපෑ කරුණු රාශියක් වේ.

නූර්තිය පෙන්වන දර්ශන කාලය පැය 2 දෙක තුනකට සීමා වීම ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධාන කරුණකි.එමෙන්ම නෝටි කතා වස්තූන් ඉතාම කෙටි ඒවා විය. romeo juliet,ඇලඩින්ගේ පුදුම පහන,ඔතෙලෝ යන්න නූර්ති පැය දෙක තුනකට වඩා දිගු නොවූ කතා පුවත් සහිත නූර්තීන් වේ. එමෙ ම ප්‍රේක්ෂක රුචිකත්වය රුචිකත්වයට ගැලපෙන පරිදි අර්ථ තේරුම් ගැනීමේ සංවාද නූර්ති තුළ අන්තර්ගත විය. එමෙන්ම නූර්ති වල මිහිරි ගීත සහිත උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතය භාවිතා කිරීම නිසා රසවත් ගීත ඇසීමට ප්‍රිය කළ ජනයා නූර්ති නැරඹීමට පැමිණීම ද ලාලිත්‍යයෙන් යුතු ස්ත්‍රී චරිත ස්ත්‍රීන් විසින් ම රඟපෑම නිසා නූර්ති තුළ තුල අනෙකුත් නාට්‍යය සම්ප්‍රදායන්ට වෙනස් වූ ආවේණික ගති ලක්ෂණයක් පෙන්නුම් කිරීම නිසා ප්‍රේක්ෂක  ආකර්ෂණය හිමිවිය.නූර්ති තුළින් ලංකාවේ ජනයාට ප්‍රථම වරට ස්ත්‍රී රංගනයන් නැරඹීමට අවස්ථාව උදාවිය. කවද නාඩගම් නාඩගම් වල මෙන් නොව ගෘහස්ථ අංග සම්පූර්ණ අංගසම්පූර්ණ ප්‍රොසීනියම් වේදිකාවක නූර්ති ඉදිරිපත් කිරීම නිසා ජනතාවට  අපහසුවක් නොවීම හේතුවෙන් නූර්ති ජනප්‍රිය විය.තවද ශ්‍රී ලාංකික ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා මෙතෙක් නො දැක තිබූ ඉතා අලංකාර රංග වස්ත්‍රාභරණ, අංග රචනා, වේදිකා පසුතල, රංග භාණ්ඩ, රංගාලෝකය යන ආනුශාංගික අංග ද උචිත ලෙස උපයෝගී කර ගැනීම නූර්ති තුළ දක්නට ලැබුණි.තවද ඒ තුළින් විචිත්‍ර ආකර්ෂණීය  ප්‍රේක්ෂාවන් වේදිකාව මත මවනු ලැබේ ය.


මේ ආදී කොට ගත් කරුණු කාරණා හේතුවෙන් නාඩගම් කලාව පරිහානියටත් නූර්ති මූර්ති කලාවේ ප්‍රගමනය ප්‍රගමනයටත් ප්‍රගමනයට හේතු විය.





Comments

  1. නොදැන සිටි බොහෝ දේ දැනගත්තා ❤️❤️❤️
    වැදගත් 👍💪💪

    ReplyDelete
  2. Tnqq.godak dewal denagatta a gena

    ReplyDelete
  3. Niyamai.godak de denagatta a gena

    ReplyDelete
  4. සොකරිය ගැන අදහස ඔනේ ඉලග ලිපියෙන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

සකුන්තලා

සොකරි ජන නාටකය