ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය
ග්‍රීසිය කඳුවලින් වටවූ ප්‍රාන්ත රාජ්‍යයන් ගෙන් සැදුම් ලද්දකි. මෙම ප්‍රාන්ත අතර ඇතැන්ස් නම් ප්‍රාන්තෙ ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය සිදු වී ඇත. ඇතැන්ස් ගැමි ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වී ජීවත් වූ අතර බහුදේවවාදී ආගමක් ඇදහූ ජනතාව කි.එබැවින් ඔවුහු සශ්‍රීකත්වය ප්‍රජනනය සුරාව ජන ජීවිතයට වඩාත් සමීප කොටගෙන සිටි අතර ඔවුහු ඒවා සඳහා දියෝනිසස් දෙවියන් අධිපති ලෙස ඇදහීය. ඔවුන් දියෝනිසස් දෙවියන් මහත් හරසරින් වැඳුම් පිදුම් කළහ.
කෘෂිකාර්මික කටයුතු අවසන් වී ඔවුන් ලබාගන්නා මිදි අස්වැන්නේ අග්‍ර ම කොටස රැගෙන දියෝනිසස් දේවාලය වෙත පෙරහරින් යාමට ඔවුහු පුරුදු වී සිටියහ. මෙලෙස පෙරහැරින් ඔවුන් යන අවස්ථාවේදී දෙවියන්ගේ ගුණ ගායනා කරමින් ස්තෝත්‍ර ගායනා කිරීමට කිරීමට පෙලඹී සිටියහ. මුල් කාලීනව සංවිධානාත්මක නොවූ මෙම ස්තෝත්‍ර ගායනා සංවිධායකයින් විසින් සංවිධානාත්මක කරවීමේ අදහසින් කණ්ඩායම් කර තරග පැවැත්වීමට කටයුතු කළේ ය.මෙම තරග කණ්ඩායම් වශයෙන් පැවැ වූ අතර එක් කණ්ඩායමකට සාමාජිකයින් පනස් දෙනකු ගෙන් යුත් අතර මෙම කණ්ඩායම් ඩිතිරැම්බ කණ්ඩායම් ලෙස හැඳි වූ අතර එම ගායනා ඩිතිරැම්බ ගායනා ලෙස හැඳින්වීය.මෙම කවි ගායනාවන් සඳහා කාව්‍යාත්මක බවක් එක් කරලීමට ඒරියන් නැමැති කවියාට හැකිවූ බව මූලාශ්‍රයන් වල සඳහන් වේ.මෙවැනි ඩිතිරැම්බ කණ්ඩායමක නායකයකු වූ තෙස්පීස් නැමැත්තාගෙන් ඔහුගේම කණ්ඩායමේ සාමාජිකයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් දීම සඳහා දේවාලෙ අල්තාරය මත මතට නැගී ඔහු " මමයි දියොනිසස් " ලෙස පවසා රංගනය ක නිරත වූ බව දැක්වෙන අතර ලොව ප්‍රථම නළුවා තෙස්පීස් ලෙස හඳුන්වයි. එමෙන්ම ලොව ප්‍රථම රංග භූමිය දේවාලයේ අල්තාරය බව ද සඳහන් වේ. තෙස්පීස්ට ගෞරව කිරීමක් වශයෙන් වත්මන් නළුවන්ට ද තෙස්පියානුවො යනුවෙන් නම් කිරීම වර්තමානයේ දැකගත හැකිය. මෙලෙස බිහි වූ ග්‍රීක නාට්‍ය කලාව කොටස් තුනකට ප්‍රභේදනය විය.
01. ශෝකාන්ත හෙවත් ට්‍රැජඩි
02. සුඛාන්ත හෙවත් කොමඩි
03. සටුර හෙවත් සැටර්
මෙලෙස ග්‍රීක නාට්‍ය නාට්‍යය ප්‍රභේදනය ප්‍රභේදනය වීමටද හේතු වූයේ දියෝනිසස් පූජාවයි. දෙවියන් පිළිබඳ ගුණ ගායනා හරහා ශෝකාන්ත නාට්‍ය බිහි වී ඇත. සුරාපානය කොට, දුහුල් ඇඳුම් ඇඳගත්, මත්බවින් පෙළුණ, ලිංග පළඳනා පැළඳ ගත්, පිරිසෙන් මැවුණු උපහාසය මගින් සුඛාන්ත නාට්‍ය බිහි විය. එමෙන්ම දියෝනිසස් දෙවියන්ගේ පිරිවර අඩක් මනුෂ්‍ය වේශධාරී අඩක් සත්ව වේශධාරී පිරිසකි. ඔවුන්ගෙන් නැගුනේ හාස්‍ය හාස්‍යෝත්පාදක බවකි.එම පිරිස සිහි ගැන්වීම සඳහා ද පෙරහැරේ එලෙස අඩක් මනුෂ්‍ය අඩක් සත්ත්ව වේශයෙන් සැරසුණු ජනතාව ගමන් කළ බවත් ඒ ආශ්‍රයෙන් හාස්‍යෝත්පාදක සතුර නාට්‍ය බිහි වූ බවත් මූලාශ්‍රයන් මගින් හෙළි වේ. ග්‍රීක නාට්‍ය කලාව පිළිබඳව ඇරිස්ටෝටල් විසින් ලියන ලද පොයටික්ස් හෙවත් කාව්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථය තුළ ග්‍රීක නාට්‍ය කලාවේ සියලු මූලිකාංගයන් දක්වා ඇත.
මෙලෙස ආගමික පසුබිමක් මත වර්ධනය වී විකාශනයට පත් වූ ග්‍රීක නාට්‍ය කලාව අද වන විට අද්‍යතන කලා ලෝකයට ම අගනා කලා කෘතීන් රැසක් බිහි කිරීමට සමත් වී ඇත. මෙම නාට්‍ය කලාවන් තුළ බිහිවූ බිහි වූ විශිෂ්ට නාට්‍යය රචකයින් තමන්ට ආවේණික වූ ශෛලියකින් ග්‍රීක නාට්‍ය රචනා කිරීමට පෙළඹිය.
☀️. ශෝකාන්ත - ඊස්කිලස්, සොෆොක්ලීස්, යුරිපිඩීස්
☀️. සුඛාන්ත - ඇරිස්ටොපනිස්, මිනැන්ඩර්
☀️. සැටර් - ඊස්කිලස් , සොෆොක්ලීස් , යුරිපිඩීස්
ග්‍රීක නාට්‍ය කලාවේ ශෝකාන්ත නිර්මාණ නිර්මාණකරුවන් ම සැටර් නාට්‍ය ද නිර්මාණය කළේය. එයට එයටද ප්‍රධාන හේතුවක් පැවතිණි. ග්‍රීක ශෝකාන්ත අතිශය ඛේදනීය අවසානයක් සහිත වන බැවින් ප්‍රේක්ෂකයා නාට්‍ය අවසානයේ කැතාසීස්කරණය කොට ඔවුන්ගේ භාව විශෝධනය කිරීම සඳහා ශෝකාන්ත නාට්‍ය පෙන්වා අවසානයේ අවසානයේ දී සැටර් නාට්‍යයක් පෙන්වීමට කටයුතු කෙරිණි.
මෙලෙස ව්‍යාප්ත වූ ග්‍රීක නාට්‍ය කලාව තුළ තුළ සුවිශේෂී වූ ලක්ෂණ පවතී. ග්‍රීක නාට්‍ය කලාව තුළ සියලුම චරිත පිරිමින් විසින් පමණක් රඟපෑම සුවිශේෂී වේ.ඊඩිපස් රජ නාට්‍යයේ යොකෙස්ට්‍රා, ඇන්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනී,ස්මෙන් වැනි සියලුම කාන්තා චරිත ද පිරිමින් විසින් රඟපානු ලබයි.එමෙන්ම සම්පූර්ණ නාට්‍යම නළුවන් තිදෙනෙක් විසින් රඟපෑම ද මෙහිදී සුවිශේෂී වේ. එමෙ ම ග්‍රීක නාට්‍ය කලාවේ දී වෙස්මුහුණු භාවිතා භාවිතා කිරීම සිදුකරනු ලබයි.එයට ප්‍රධාන හේතු කිහිපයක් පවතී.නළුවන් තිදෙනෙක් පමණක් රංගනය කරන බැවින් එක් අයෙකුට චරිත කිහිපයක් රඟ දැක්වීමට සිදු වීම හේතුවෙනුත්, කාන්තා චරිත පිරිමින් විසින් රඟපෑම හේතුවෙනුත්, එක්දාස් හත්සීයකට අධික විශාල ප්‍රේක්ෂකාගාරයක් අරමුණු කොට ගනිමින් නාට්‍ය රඟදැක්වීම යනාදී කරුණු හේතුවෙන් ග්‍රීක නාට්‍ය සඳහා වෙස්මුහුණු භාවිතා කළේය. එමෙන්ම ග්‍රීක නාට්‍ය කරුවන් කාව්‍යමය බස් වහරක් යොදා ගැනීම ද ගැනීමද කැපී පෙනෙන ලක්ෂණයකි. ව්‍යංගවත් කාව්‍යමය බස් වහරක් යොදා ගැනීම නාට්‍යයේ සාර්ථකත්වයට හේතු වූ බව පැහැදිලි වේ.ඊඩිපස් රජ නාට්‍යයේ පහත දක්වා ඇති කාව්‍යමය සංවාද කොටසෙන් එය පැහැදිලි වේ.
" සුන්දර දෙයක් ඇත්ද
බලන්නට මට
කම් පිරෙන හඬක් නැද්ද මට
අසන්නට අවට "
නළුවා අතිශයෝක්තියෙන් වෙස් ගැන්වීම ද ග්‍රීක නාට්‍ය කලාවේ දක්නට ලැබේ.එලෙස වෙස් ගන්නනේ විශාල ප්‍රේක්ෂකාගාරයකට පැහැදිලිව නරඹා ගැනීමට හැකි වන ආකාරයෙනි. ඔන්තෝස් නැමැති විශාල තොප්පිය ද, කොතුර්නෝස් නැමැති අඩියක් පමණ උස සපත්තු ද විශාල ලෝගු වෙස්මුහුණු වෙස්මුහුණු ආදිය ද පලඳමින් අතිශයෝක්තියෙන් වෙස් ගනී. එමෙන්ම ග්‍රීක නාට්‍ය වලදී ගායන වෘන්දය ට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.
ග්‍රීක නාට්‍ය වලදී කිසිදු භීෂණ ක්‍රියාවලියක් වේදිකාවේ නොපෙන්වයි. මිනී මැරුම්, සටන් වැනි කිසිදු භීෂණ ක්‍රියාවක් වේදිකාව මත නොපෙන්වීමට ග්‍රීක නාට්‍ය කරුවන් කටයුතු කර ඇත.එමෙන්ම නාට්‍ය උපකරණ භාවිතය ද ග්‍රීක නාට්‍ය කලාව තුළ කැපී පෙනෙන අංගයකි.එම නාට්‍ය කලාවටම ආවේනික වූ එක්කුක්ලිමා හෙවත් රෝද සවි කළ කල මිනී මැස්සත්, දෙවාස්එක්සිමසීනා හෙවත් දොඹකරය ආි උපකරණ භාවිතා කළේය. යමෙකු මියගිය බව ප්‍රදර්ශනය කිරීම සඳහා මිනී මැස්ස යොදා ගත් අතර දෙවියන් ගේ පැමිණීම ආදී අවස්ථා නිරූපනය කිරීම සඳහා දොඹකර භාවිතා කළේය. නාට්‍ය අවසානයේදී කැතාසීස්කරණය ලක් කොට ප්‍රේක්ෂකයාගේ භාවයන් සමනයට පත් කිරීමට ද ග්‍රීක නාට්‍යකරුවා උත්සාහ කර ඇත. ඒ සඳහා ඔවුන් සැටර් නාට්‍ය නිර්මාණය කර ශෝකාන්ත නාට්‍ය අවසානයේ පෙන්වීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙම සියලු නාට්‍යයන් පශ්චාත් දෘෂ්ටි කථන ක්‍රමය මඟින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම ග්‍රීක නාට්‍ය කලාව තුළ එකම කතා වස්තුවෙන් නාට්‍ය තුනක් නිර්මාණය කිරීමේ සුවිශේෂී ලක්ෂණය ද දැකගත හැකිය.නාට්‍ය ත්‍රික ලෙස හැඳි වූ මෙම නිර්මාණ අතුරින් අද වන විට ඉතිරිවී ඇත්තේ නාට්‍ය ත්‍රිකයන් දෙකක් පමණි.
☀️. තීබ නාට්‍ය ත්‍රිකය - ඊඩිපස් රජ, කොලොන්නස්හි ඊඩිපස් , ඇන්ටිගනී
☀️.ඔරෙසපිනා නාට්‍ය ත්‍රිකය - ඇගමැන්නොන්, කොයිපොරොයි, ඉයුමිනයිට්ස්
ආගමික සම්භවයක් සහිත ව නිර්මාණය වූ ග්‍රීක නාට්‍ය කලාව පුරාකතා,දේව කතා හා සමකාලීන කතා වස්තු විෂය කොටගෙන නාට්‍යය නිර්මාණය වීම සුවිශේෂී වේ. ඊස්කිලස් විසින් නිර්මාණය කරන ලද ප්‍රොමිතියස් බන්ධනය නම් නාට්‍ය සඳහා වස්තු විෂය වූයේ දේව කතාවකි.
ග්‍රීක රංග භූමිය |
මෙලෙස පුරාතන සම්භාව්‍ය නාට්‍ය කලාවක් වන ග්‍රීක නාට්‍ය කලාව ආරම්භ වී වර්ධනය වී ව්‍යාප්ත විය. ලොව බොහෝ නාට්‍ය කලාවන් සඳහා මූලාරම්භය සැපයූයේ මෙම ග්‍රීක නාට්‍ය කලාවයි.ලොව අද වන විට පවතින සම්භාව්‍යම නාට්‍ය කලාව ග්‍රීක නාට්‍ය කලාව ලෙස හඳුනා ගත හැකිය.
ග්‍රීක නාට්‍යයක් ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවක් |
❤️❤️❤️❤️❤️❤️
ReplyDelete👍👍👍
ReplyDelete😍😍😍😍
ReplyDeleteවටිනවා
ReplyDeleteවැදගත්
ReplyDeleteGreat
ReplyDeleteGood job
ReplyDeleteGood article 👍👍
ReplyDelete👍👍❤️
ReplyDeleteBest😍
ReplyDelete👍👍
ReplyDeleteGreat👍👍👍
ReplyDeleteGodak hodai
ReplyDeleteඅගෙයි.තවත් ලියන්න.සුබ පැතුම්.මැණික
ReplyDelete❤️👍
ReplyDeleteNiyamai sudu nangi.. 💝💝💝💝💝💝💝
ReplyDeleteBest👍
ReplyDeleteniyamai 👍
ReplyDeletegood
ReplyDeleteVery important.dan nathi godak dewal dana gaththa.api dramawala history danagena hitiye na.dan ekak gath dannawa.thawa me wage post kiyanna.thank you so much
ReplyDelete👌👌
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDeleteනියමයි💛
ReplyDeleteHoda article ekak
ReplyDeleteගොඩක් ස්තූති හැමෝටම 💖
ReplyDelete😘🤩🤩🤩
ReplyDeleteඵල
ReplyDeleteනියමයි
ReplyDelete❤️❤️👍
ReplyDeleteImportant article
ReplyDeleteNiymai
ReplyDelete👍👍
ReplyDeleteGood
ReplyDelete👍
ReplyDelete❤️❤️
ReplyDeleteWow.chathuu..agei..ජය වේවා
ReplyDeleteBest
ReplyDeleteGreat..👍
ReplyDeleteඵල
ReplyDelete📝📝📝📝📝📝📝
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDeleteniyamai👍👍
ReplyDeleteSuper 👍
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteGreat one
ReplyDelete👍
ReplyDelete