Posts

සොකරි ජන නාටකය

Image
                         ශ්‍රී ලංකාවේ පැරණිම ජන නාටකය සොකරි ජන නාට්‍යය ලෙස හැඳින්විය හැකිය.උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ජන නාටකය ලෙස මේ හැඳින්විය හැකි අතර ලග්ගල, හේවාහැට,බී රුප්පෙ, තලාතුඔය, හඟුරන්කෙත යනාදී ප්‍රදේශවල ප්‍රචලිතව පවතී.සොකරි ගැමි නාටකය රඟ දැක්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සශ්‍රීකත්වය යි. ගොයම් කපා පාගා අවසන් කමත රංග භූමිය කොටගෙන සොකරි ගැමි නාටකය ඉදිරිපත් කරනු ලබයි. " ඩොකරි" යන හින්දි වචනය තුළින් සොකරි යන්න සකස් වී ඇති අතර එහි අර්ථය රූමත් කාන්තාව යන්නයි. සොකරි නාටකයේ කථා පුවත පහත පරිදි දැක්විය හැකිය.           සොකරි නම් රූමත් කාන්තාව ගුරුහාමි විසින් විවාහ කොටගෙන  ඔවුන්ට දරුවන් නොමැතිවීම නිසා දරුවකු  ලබාගැනීමේ පරමාර්ථයෙන් පරයා හා කාලි යන  අතවැසියන්  සමඟ ලංකාවට පැමිණීමට තීරණය කරයි. ලංකාවට පැමිණීම සඳහා නැවක් අවශ්‍ය බැවින් වඩුවකු ද සම්බන්ධ කර ගනිමින් ගස් විමසා, කපා, ලි ඉරා, නැවක් තනා මුහුදු තරණය කොට ලංකාවට පැමිණේ. අතරමගදී නැව කැඩී තඹරාවිට ප්‍රදේශයට ගොඩබසියි. තඹරාවිට වෙදරාළ...

පාස්කු නාට්‍ය සම්ප්‍රදාය

Image
               කිතුනු ජනතාවට ජේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරු බවත් එතුමා  විමුක්තියට මාර්ගය පෙන්වන්නා බවත් ඒත්තු ගැන්වීම අරමුණු කොටගෙන ගොඩනැගුණු ජන නාට්‍ය විශේෂය ලෙස පාස්කු නාට්‍ය හඳුනාගත හැක.යාපනය මඩකලපුව, හලාවත, මන්නාරම දූව, පමුණු ගම, පිටිපන ආදී ක්‍රිස්තියානි ජනතාව ජීවත් වන ප්‍රදේශ වල මෙම ජන නාට්‍ය සම්ප්‍රදාය ව්‍යාප්ත වී පවතී. පැරණිතම පාස්කු නාට්‍ය මන්නාරමේ පේසාලෙයි ගමේ වසර තුන් හාර සීයකට පමණ පෙරාතුව පවත්වා ඇත. එලෙස විකාශනය වූ පාස්කු නාට්‍ය මෑතක් වනතුරුම රඟදක්වනු ර තුරුම රඟ දක්වනු ලැබීය පාස්කු නාට්‍ය අන්තර්ගතය පහත කරුණු ඔස්සේ අපට හඳුනා ගත හැක.  ✱. ජේසුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය . ✱.    ගෙත්  සමනි උයනට ගොස් ලොවුතුරා දෙව් පියාට දැඩි චිත්ත සන්තාපයෙන් කළ යෙදුම. ✱.  ජුදාස් නැමැති ශ්‍රාවකයා විසින් පාවා දීම . ✱.  සිර බන්ධනයට නියම වීම. ✱. යුදා රෝමානු පාලකයන් ඉදිරිපිට විනිශ්චය කරනු ලැබීම හා මරණ තීන්දුව ලැබීම. ✱. සෙබළුන් අතින් කෲර වධ හිංසනයට ලක්වීම. ✱. කුරුසිය කරගසාගෙන දණ්ඩ ස්ථානයට පාත්‍රවීම. ✱. කුරුසියට ත...

නූර්ති නාට්‍ය ප්‍රගමනය.

Image
ඉන්දියාවේ බොම්බායේ සංදර්ශන පවත්වන බලිවාලා ගේ ප්‍රධානත්වයෙන් යුතු එල් පිස්ටන්   නාට්‍ය කණ්ඩායමේ ලංකා ගමනින් නූර්තිය ප්‍රභවය ලබයි . ඔවුන් එසේ පැමිණ මරදානේ  ෆ්ලෝරල් හෝල් නම් ස්ථානයේ ප්‍රථම සංදර්ශනය පැවැත්වීය. අරාබි නිසොල්ලාසය, romeo juliet, ඇලඩින්ගේ පුදුම පහන ,ඔතෙලෝ යන්න නාට්‍ය ඇතුළත් සර්කස් සංදර්ශණ සංදර්ශණ මාලාවක් ඔවුන් පැවැත්වීය.මෙම සන්දර්ශන නැරඹීමට පැමිණි ජනයාගෙන් නූර්ති ශාලා පිරී ඉතිරී ගියේය. මෙලෙස සීඝ්‍රයෙන් නූර්ති ජනප්‍රිය වීමට හේතු රාශියක් බලපා ඇත.ශ්‍රී ලංකාව තුළ නූර්තිය ජනප්‍රිය වීමට බලපෑ හේතු මොනවාදැයි හඳුනා ගනිමු.             පෙර පැවති නාට්‍ය  සම්ප්‍රදායන් මෙන් නූර්තිය රැයක් පහන් වන තුරු පැවැත්වීම සිදු නොවූ අතර නූර්තියෙ දර්ශන කාලය පැය  දෙකකට තුනකට සීමා විය. කාර්යබහුල ජනතාව වෙහෙස මහන්සියෙන් තම රැකියා නිමකර මහන්සිය දුරු කරවා ගැනීමට නූර්ති නැරඹීම සඳහා පැමිණුනි.ඔවුන් පැමිණ නාට්‍ය නරඹා පසුදින  නැවතත් ඔවුන්ගේ රැකීරක්ෂා  සිදු කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා නූර්ති  නැරඹීම බාධාවක් නොවීය. නාඩගම් වැනි කලාවන්ගේ කථා වස්තූන් ඉත...

ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය

Image
                  ග්‍රීසිය  කඳුවලින් වටවූ ප්‍රාන්ත රාජ්‍යයන් ගෙන් සැදුම් ලද්දකි. මෙම ප්‍රාන්ත අතර ඇතැන්ස් නම් ප්‍රාන්තෙ ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය සිදු වී ඇත. ඇතැන්ස් ගැමි ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වී ජීවත් වූ අතර බහුදේවවාදී  ආගමක් ඇදහූ ජනතාව කි.එබැවින් ඔවුහු සශ්‍රීකත්වය ප්‍රජනනය සුරාව ජන ජීවිතයට වඩාත් සමීප කොටගෙන සිටි අතර ඔවුහු ඒවා සඳහා දියෝනිසස් දෙවියන් අධිපති ලෙස ඇදහීය. ඔවුන් දියෝනිසස් දෙවියන් මහත් හරසරින් වැඳුම් පිදුම් කළහ.           කෘෂිකාර්මික කටයුතු අවසන් වී ඔවුන්   ලබාගන්නා  මිදි  අස්වැන්නේ අග්‍ර ම කොටස රැගෙන දියෝනිසස් දේවාලය වෙත පෙරහරින් යාමට ඔවුහු පුරුදු වී සිටියහ. මෙලෙස පෙරහැරින් ඔවුන් යන අවස්ථාවේදී දෙවියන්ගේ  ගුණ ගායනා කරමින් ස්තෝත්‍ර ගායනා කිරීමට කිරීමට පෙලඹී සිටියහ. මුල් කාලීනව සංවිධානාත්මක නොවූ මෙම ස්තෝත්‍ර ගායනා සංවිධායකයින් විසින් සංවිධානාත්මක කරවීමේ අදහසින් කණ්ඩායම් කර තරග පැවැත්වීමට   කටයුතු කළේ ය.මෙම තරග කණ්ඩායම් වශයෙන් පැවැ වූ අතර එක් කණ්ඩායමක...

සකුන්තලා

Image
       සකුන්තලා නාට්‍ය සකුන්තලෝ   ප්‍රාක්‍යාන කතා   පුරා කතාව අලලා නිර්මාණය වූවකි.භරතමුනි පඩිවරයා විසින් අභිඥාන සාකුන්තලය ලෙස මෙය නිර්මාණය කෙරිණි.පළමුව මෙම නාට්‍යයෙහි පුරා කතාව පිළිබඳව විමසා බලමු.                  යටගිය දවස ප්‍රතිෂ්ඨා නම් නුවර මහා බාහු ඇත්තාහු බල වාහන ඇත්තාහු දුශ්‍යන්ත නම් රජෙක් විය.සත්තු නසමින් මුවන් ලුහුබදිමින්  ඔහු අන්‍ය වනයකට ප්‍රවිෂ්ට විය.එය කෙළවර හිස් බිමක් දුටුවේය. එය ඉක්මවා මල්ඵල ගහන සිහින් මදනල සහිත නිල් සෙවනැලි ගහන  රුක් පෙළින්  යුතු විවිධ පක්ෂීන්ගේ මියුරු නාද සහිත සතුන් ගහන නෙත්කලු වන එකට පිවිසියේය .මාලනී ගං ඉවුරට පැමිණෙන රජු කන්ව තවුස් අසපුවට පැමිණේ.සෙනග වන එහි නවතා කන්න සෘෂිහු දැකීමට අසපුවට රජු පිවිසියේය. අසපුව පාළු විය කන්ව සෘෂීහු නොවීය. " මෙහි කවුරුන් වේ දැ යි " යනුවෙන් රජු වනය නින්නාද කරමින් කෑ ගැසීය. නිල් නුවන් වලින් යුතු තවුස් වෙස් ගත් කන්‍යාවක් එළියට පැමිණ " ඔබ සදහා කුමක් කල යුතු දෑ" ඇසිය. තමා කන්ව  සෘෂීහු දැකීමට පැමිණි බව රජු පවසයි. " ඒ මා පියාණෝ ...

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

Image
                              ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයෙන් අනූන වූ කෝලම් ගැමි නාටකය  පහතරට ප්‍රදේශයට අයත් වූවකි.අම්බලන්ගොඩ ,බෙන්තර, මිරිස්ස, මීගොඩ ආදී පහතරට ප්‍රදේශවල ප්‍රදේශ වල මෙම ගැමි නාටකය ව්‍යාප්තව ඇත.වෙස්මුහුණු නාටක නමින්ද කෝලම් නාටකය හදුන්වයි.මහා සම්මත රජ බිසවගේ දොළදුක සංසිඳවීම සඳහා කෝලම් නාටක පළමුවරට පළමු වරට රඟ දක්වා ඇත.  කෝලම් නාටකය තුළින් සමාජයේ විවිධ චරිත උපහාසයට  ලක්කිරීම සිදුකරයි.කෝලම් නාටකය එයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ සමුදායකින් සමන්විත වී ඇත.ඒවා පිළිබඳව අවබෝධ කර කරලීම මෙහි පරමාර්ථයයි.                  කෝලම් ජන ජන නාටකය පහත රට පහත රට ප්‍රදේශ වලට ම ආවේණික වීම මෙහි ඇති ප්‍රධාන ලක්ෂණයකි. තවද මෙහි රඟ දැක්වෙන විවිධ කතා පුවත් වලට අදාල නොංචි, ජසයා, ලෙන්චිනා, අණබෙරකරු වැනි සියලුම සියළුමලුම චරිත පිරිමින් විසින් වෙස්මුහුණු ලා ඉදිරිපත් කරයි. මෙම වෙස් මුහුණු නිර්මාණය කරගනු ලබන්නේ කදුරු, රුක් අත්තන, සමදරා වැනි සැහැල්ලු ලී වලින් සාදා, ශාක පත්...

නාඩගමෙ පරිහානිය හා නූර්තියේ ආගමනය.

Image
  දකුණු ඉන්දියානු වීදි නාට්‍ය ඇසුරෙන් නිර්මාණය වූවක් ලෙස නාඩගම් හැඳින්විය හැක.ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල මෙම ජන නාට්‍ය ය ව්‍යාප්ත වී ඇත.නාඩගම් කලාව ලංකාවේ කම්මල්කරුවෙකු වූ  පේදුරු සිංඤො විසින් ආරම්භ කරන ලදී.ඔහුගේ පළමු නාඩගම  හරිස්චන්ද්‍ර නම් දෙමළ නාඩගමයිි.මෙම නාඩගමෙන්  අනතුරුව නාඩගම් කලාව ලංකාවේ බොහෝ සෙයින් දියුණුවට පත් විය.නමුත් ටික කලක් ගත ගතවීමේදී ජන සමාජයේ දියුණුවට පත්ව තිබූ නාඩගම් කලාව පරිහානියට ලක් විය.මේ බැවින් නාඩගම කරළියෙන් නික්ම යන්නට විය.එයට බලපෑ ප්‍රධානතම හේතු දෙකක් විය. 1.නාඩගම් කලාව තුළ පැවිදි දුර්වලතා     2.නූර්ති කලාවේ ආරම්භය නාඩගම් කලාව පරිහානිය සඳහා නාඩගම තුළ පැවිති දුර්වලතා හඳුනා ගනිමු. නාඩගම් දින තුනක් 3ත් 7ත් අතර දින ගණනාවක් ගණනාවක්ම රාත්‍රියේ දී පෙන්වීම නිසා ජන ආර්ථිකය කඩා කඩාවැටීමට කඩා වැටීමට හේතුවක් විය.දිවා කාලයේදී වෙහෙස මහන්සිව රැකී රක්ෂා වෙ නිරත වී නිරත වී රාත්‍රී රාත්‍රී කාලයේදී නාඩගම් නැරඹීම සඳහා ජනතාව පැමිණියද පැමිණිය ද ඔවුන්ට එක දිගට රාත්‍රී ගණනාවක්  මුළුල්ලේ නිදි වැරීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථිකය කඩා කඩා වැටීමට...